ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

බස්නාහිර පළාත ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කය ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව ගම්පහ හා කළුතර යන අධිකතම ජන සංඛ්‍යාවක් වෙසෙන ප්‍රධාන දිස්ත්‍රික් තුනකින් සමන්විත පළාතකි.

වානිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ නගරයේ රාජ්‍ය හා පුද්ගලික ආයතන ගණනාවක් පිහිටා ඇත. එබැවින් තම දෛනික රාජකාරි වෙනුවෙන් කොළඹ නගරය කරා ළඟාවන ජන සංඛ්‍යාව දිනෙන් දින ඉහල ගොස් ඇත. මිනිස් ජීවිතය කාර්ය බහුල වීමත් සමඟ නවීන තාක්ෂණය යොදා ගනිමින් තම කටයුතු පහසු කර ගැනීමට හැකි යුගයක් කරා ප්‍රජාව ගමන් කරමින් සිටී. ඒ අනුව ඈත පිටිසර මෙන්ම නාගරික ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවද තම කටයුතු සදහා අවශ්‍ය තොරතුරු නවීන තාක්ෂණය ඔස්සේ සපයා ගැනීමට උත්සුක වේ.

ඒ අනුව මෙමගින්  බස්නාහිර පළාත තුළ මෙන්ම අනෙකුත් පළාත්වල ජීවත්වන සියළුම ජනතාවට බස්නාහිර පළාත් සභාව තුළින් සිය කටයුතු ඉටුකර ගැනීමේදී ගැටළු  මඟහරවා ගනිමින් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සියළුම අංශවල වෙබ් අඩවි වලට මෙන්ම පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු  හා ආයතනවල වෙබ් අඩවි වලට පිවිසීමට හැකියාව ඇත. එමගින් අවශ්‍ය ආයතනවල තොරතුරු දැනගැනීමට හැකිවීම තුළින් ඔබගේ කටයුතු පහසුකර ගැනීමට හා අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකිවේ යන්න මාගේ විශ්වාසයයි.

බස්නාහිර පළාත් සභාව තුළින් විවිධ රාජකාරී ඉටුකර ගැනීමේදී ඔබගේ කටයුතු පහසුකර ගැනීමට මෙම වෙබ් අඩවිය ආශ්‍රය කරගන්නා ලෙස ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ,

ප්‍රධාන ලේකම්,

බස්නාහිර පළාත.