ප්‍රධාන ලේකම් කාර්යාලය පිලිබඳව

පළාත් සභාවෙහි ප්‍රධාන ආයතනය වනුයේ ප්‍රධාන ලේකම් කාර්යාලයයි. පළාතේ ප්‍රධාන විධායක නිලධාරියා වන ප්‍රධාන ලේකම්වරයා පත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා විසිනි.

පරිපාලනය, සැලසුම්කරණය, සහ මූල්‍ය කටයුතු ඔහුගේ ප්‍රධාන විෂයයන් වන අතර පළාත් සභාවට අදාල වන්නාවූ අන් කවර කාර්යයක් වුව ඔහුගේ අධීක්ෂණයට ලක් වේ. පළාත් සභාවෙහි සියළු ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශයන් නිර්මාණය වනුයේ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙනි.

අරමුණු සහ කාර්යයන්

  • ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව පළාත් සභාවන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා වන සියළු පරිපාලන කටයුතු සහ වගකීම් ඉටු කිරීම.
  • ජාතික සංවර්ධන ප්‍රතිපත්තියට සමගාමීව පළාත් පාලනයට අදාල වාර්ෂික සංවර්ධන සැලසුම් සැකසීම සහ කාර්යක්ෂම ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම.
  • වාර්ෂික අයවැය සැකසීම, මූල්‍ය සම්පත් පරිහරණය පිණිස මූල්‍ය පාලනය සහ ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, ගිණුම් පරිපාටි හඳුන්වා දීම සහ පළාත් භාණ්ඩාගාරයක ශක්‍යතාවයෙන් යුතුව ක්‍රියාමාර්ග සහ වගකීම් ව්‍යාප්ත කිරීම.
  • පළාත් සභාව යටතට ගැනෙන අදාල දෙපාර්තමේන්තු විසින් භාවිතා කරනු ලබනා ගිණුම් සහ ආයතන පරිපාටි විගණනයට ලක් කරන බව සහතික කරනුවස් අභ්‍යන්තර විගණන අංශය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවට මග සැලසීම.
  • පළාත් රාජ්‍ය සේවා කොමිසමේ රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීම පිණිස සහාය ලබා දීම.
  • පළාත් සභාවෙහි කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා වැඩසටහන් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම.