බස්නාහිර පළාත් සභාවේ දැක්ම

තිරසාරව සංවර්ධනය වූ සහජීවනයෙන් යුත් පළාතක්

බස්නාහිර පළාත් සභාවේ මෙහෙවර

මූල්‍ය, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ථ ලෙස මෙහෙයවමින් සියලු ප්‍රජාවට සෙත සැළසෙන සාමය හා සහජීවනයෙන් පිරි තිරසාර සංවර්ධනයක් උදාකිරීම

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙවර

බස්නාහිර පළාත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාලීම සඳහාත්, පළාතේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහාත්, මෙම පළාත් සභාව වෙත පැවරී ඇති කාර්ය භාරය කාර්යක්ෂමව හා ඉහළම ඵලදායීතාවයක් ලැබෙන පරිදි ඉටු කිරීමට, සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම සහ මානව සම්පත් හා මූල්‍ය සම්පත් හැසිරවීම ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙවරයි.