ඡායාරූප

පළාත් පරිසර දින වැඩසටහන

ජගත් පරිසර දින සැමරුමට සමගාමීව “ජෛව විවිධත්වය – සොබා දහමට ඉඩක්” යන තේමාව යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන පළාත් පරිසර දින වැඩසටහන බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 11 වන දින බස්නාහිර පළාත් සභා නව ශ්‍රවනාගාරයේ දී පැවැත් වු අතර ඊට සමගාමීව පැල බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය සිය ධුරයේ රාජකාරි භාර ගනියි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබූ ජේ.ඒම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය 2020.02.05 දින බත්තරමුල්ල, පළාත් සභා සංකීරණයෙහි පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.